ආණ්ඩුවෙ ඇතුළේ ගැටලු විසඳන්න ක්‍රීඩාව පාවිච්චි කරන්න එපා..! – නාමල්…

November 13, 2023 at 10:53 am | by emanisa.lk

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවත් එසේ නොවුණහොත් අවසානයේදී අපහසුතාවට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බවයි, ඔහු පෙන්වා දෙන්නේ. එලෙස සිදු කළේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් මන්ත්‍රීවරයා කීය.

මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලනයේ පවතින ගැටීම හේතුවෙන් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ අහිමිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

පසුගිය කාලයේදී රග්බි හා පාපන්දු තහනම් පැනවූයේ ද මෙවැනි කාරණා නිසා බව සඳහන් කළ නාමල් රාජපක්ෂ, දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර පවතින ගැටුම්වලින් සිදුවන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව අවබෝධ කර ගැනීම අපහසු නොවන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *