ආණ්ඩුවට රට ගොඩනැගීමේ අවංක උවමනාවක් නෑ..! – කබීර් හෂීම්…

December 24, 2023 at 11:23 am | by emanisa.lk

රට ගොඩනැඟීමේ අවංක උත්සාහයක් මේ රජයෙන් නොදකින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම් පවසයි.

දේශීය ආර්ථිකය නඟාසිටුවීම සහ වර්ධනය කිරීම රජය සතු වගකීමක් බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කළ නොහැක්කක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

“රටක බදු අය විය යුතුයි. එසේම හිතවතුන් බදු දැලට හසු නොවන ආකාරයේ ප්‍රතිපත්ති ඉවත් කළ යුතුයි. රජය කරන්නේ ඉහළ පන්තියේ පිරිසගෙන් බදු අය නොකර ජනතාව පිඩාවට පත් කරන ආකාරයට බදු අය කිරීමයි.

ක්ෂුද්‍ර ආර්ථිකය විනාශ වන මට්ටමින් බදු වැඩි කිරීමෙන් රටේ ආර්ථීක උත්තේජනයට බාධා සිදු වෙනවා. මේ අවිනිශ්චිතභාවය නිසා ඉදිරියේ දී රටට එන ආයෝජන නවතින්න පුළුවන්. දැනට ආයෝජන අත්හිටුවලා තියෙන්නේ.

මැතිවරණය මාස කිහිපයක් තුළ ඉවර කරනවා නම් රටට වඩා යහපත් වෙනවා. ජනතාව බුද්ධිමත්ව ගනු ලබන තීන්දු මතයි අපේ අනාගතය රඳා පවතින්නේ. ඒ නිසා අපේ අදහස මේ රටේ ඉක්මනින් මැතිවරණයක් පැවැත්විම මූලිකව කළ යුතු කාර්ය බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *