ආණ්ඩුවට යම්තන් සති හතරයි… ජනපති සහ අගමැති අතර ගැටුමක්…!

October 26, 2024 at 11:11 am | by emanisa.lk

නව ආණ්ඩුවට මසක් සම්පූර්ණ වන විට ජනාධිපති අනුර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර ගැටුමක් හටගෙන ඇතැයි Dailly Mirror පුවත්පත වාර්තා කරයි.

මෙම මතභේදය හටගෙන ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා පත්කිරීමේ සම්බන්ධයෙනි.

හිටපු සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සමග අගමැතිනිය සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ඔහු දිගටම එම ධුරයේ කටයුතු කරන බව ඈ ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු ජනාධිපති ලේකම් කාර්යාල වහාම ඉල්ලා අස්වන ලෙස සභාපතිවරයාට දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයා ලවා මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර මහාචාර්ය කපිල සෙනෙවිරත්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නව සභාපති ලෙස පත්කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *