ආණ්ඩුවට බිලියන 904ක බදු පොල්ලක්….!

May 17, 2023 at 12:52 pm | by emanisa.lk

2022 දෙසැම්බර් 31 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පරිගණක දත්ත අනුව ලැබිය යුතු මුළු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 904,342,180,778 ක් බව (බිලියන 904) කෝපා කමිටුවේදී අනාවරණය විය.

මෙම මුදලෙන් රුපියල් 163,425,093,401 ක් (බිලියන 163) අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් 740,917,087,377 ක් (බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී මෙම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි.

එසේම රුපියල් බිලියන 904 මුළු හිග බදු මුදල පිළිබඳව වෙන්වෙන් වශයෙන් විස්තර සහිතව වාර්තාවක් ලබා දෙන ලෙස ද සභාපතිවරයා නිර්දේශ කළ අතර එම වාර්තාවේ බදු මගහැරී ඇති ආකාරය සහ ඒවාට හේතු විස්තරාත්මකව දක්වා තිබිය යුතු බවද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස