අරගලය නිසා රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුණු පසු ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව තමා පක්ෂයට ප්රකාශ කළේ යැයි සජබ සභාපති සරත් ෆොන්සේකා පවසයි.
එහෙත් සිය පක්ෂයේ ආර්ථික විශේෂඥයින් සඳහන් කළේ මේ අවස්ථාවේ ආණ්ඩුව භාර ගෙන අර්බුදය ජය ගැනීම අපහසු බව යැයි ද හෙතෙම සඳහන් කරයි.
ඉදිරි වසර දෙක තුළ මේ රට වෙනස් නොවන බවත් වසර දෙකකින් තමන්ට භාර ගන්න සිදුවනුයේ අගාධයට ගිය රටක් බවත් ෆොන්සේකා පෙන්වා දෙයි.
එහි දී තමන්ට ද ජනතා ප්රශ්න විසඳීමට නොහැකි වුවහොත් ගෙදර යාමට සිදුවනු ඇතැයි හෙතෙම වැඩි දුරටත් කීය.