ආණ්ඩුවක් ප්‍රථම වතාවට පුනර්ජනනීය විදුලිය අධෛර්යමත් කරයි… සූර්ය බල විදුලි ඒකකයක මිල පහත දමයි…!

March 25, 2025 at 9:20 am | by emanisa.lk

වහල මත සවිකරන සූර්ය කෝෂවලින් විදුලිබල මණ්ඩලයට විදුලිය ලබා ගැනීමේදී විදුලි ඒකකයකට ගෙවන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, විදුලිබල මණ්ඩලයේ නිර්දේශ මත අදාළ මිල ගණන් අඩුකිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සූර්ය විදුලි පද්ධති සඳහා අදාළ නොවන අතර නව සූර්ය විදුලි පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිතය.

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *