ආගමික ලේබල් අලවා ප්‍රියන්ත කුමාර ඝාතනය යට ගසන සැලසුමක්…?

December 5, 2021 at 2:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකික ඉන්ජිනේරු ප්‍රියන්ත කුමාර මහතා වසර 11 කට පෙර පකිස්ථානයට පැමිණ රාජ්කෝ කර්මාන්තයේ සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරමින් සිටියේය. ඔහු (නිෂ්පාදන ඉංජිනේරු) වරයෙකි.

ඔහු පාකිස්තානයේ එම ආයතනය උන්නතිය සදහා විශාල කැපකිරීම් කර ඇත.තවද ආයතනයේ දියුණුවට ඔහු උපරිමයෙන් දායක විය.

පාකිස්ථානයේ තහමට ලක්ව් නැවත එම තහනම ඉවත් කරන අන්තවාදී දේශපාලන පක්ෂයක් වන TLP පක්ෂයේ සාමාජිකයන් විසින් කර්මාන්ත ශාලාව තුල නිරත සේවකයන්ට තම පක්ෂයේ දේශපාලන ක්‍රියකාරකම් පිළිබඳව දැනුවත් කිරිම වස් කර්මාන්ත ශාලාව තුල පෝස්ටර් අලවා ඇත.

නමුත් එම පෝස්ටර්වල ඉස්ලාම් දහම පිළිබඳව හෝ මොහමද් නබි තුමා පිළිබඳවත් කිසිදෙයක් සඳහන් කර නොමැත. එහි තිබුණු බව විශ්වාසි ආරංචි මාර්ගයෙන් දැනගැනිමට හැකි විය.TLP පක්ෂයේ නිවේදනයක් එහි සදහන් තිබු බවය.ප්‍රියන්ත කුමාර මහතා
කම්හලේ සාමාන්‍යාධිකාරී ලෙස ඔහුට අයත් බලතල අනුව කම්හල තුළ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට දේශපාලන කටයුතුවල නිරත වීමට කිසිදු කෙනෙකුට ඔහු අවසරය නොදිනි. ඒ අනුව කර්මාන්ත ශාලාව තුල අලවන ලද TLP පක්ෂයේ පෝස්ටර් ඔහු ඉවත් කිරිමට ක්‍රියාමාර්ගයන් ගන්නා ලදි.

මේ නිසා උරනවු TLP පක්ෂයේ සාමාජිකයන් ඔවුන්ගේ පක්ෂයේ අනික් සාමාජිකයන්ට මෙම සිද්දිය පවසා එම සාමාජිකයන් ගෙන්වා මෙලෙස කල කෝලාහල ඇතිකර අපගේ ශ්‍රි ලංකික ඉන්ජිනේරු මහතාව කෲර ලෙස ඝාතනය කර පුළුස්සා දම ඇත.

පකිස්තාන රජය මෙවැනි අන්තවාදී සමාජ ද්‍රෝහි පක්ෂ මෙන්ම මෙවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ගයන් ගත යුතුය.
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් දැනටමත් සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වෙමින් පවති.

නමුත් අප රටට දක්ෂ ඉන්ජිනේරු මහතෙකු අහිමිවම පමනක් ඔහුගේ බිරිදට ස්වාමිපුරුෂයෙක් දරුවන්ට පියෙක් අහිමි විය.

තවද අප රටේ මෙම සිද්ධිය පටු දේශපාලන අරමුණු මුදුන්පමුනුගනු වස් සිද්ධි යවෙනත් දෙසකට යොමුකිරිමේ උත්සාහයක් පවති. අපගේ ශ්‍රි ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත කුමාර මහතා එම කම්හල තුල කිසිම ආගමික පෝස්ටර් ඉවත් කලේ නොමැත.ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් පෝස්ටර් ඉවත් කල නිසා මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්කලා යැයි බොරු චෝදනාවන් එල්ල කිරිම ඔහුටත් මුස්ලිම්වරුන් වන අපටත් ඉස්ලාම් ධර්මය සදහා කරන අගෞරවයක්. අප බලාපොරොත්තු වෙනවා පකිස්ථාන අගමැති මෙම සිද්දියට අදාල වරදකරුවන්ට නිසි දඩුවම ලබාදැනු ඇතැයි.

මොහමඩ් කුවාමි පාරුක්
පානදුර
2021/12/05

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *