අසමතුන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ රනිල්….! – බන්දුල ලාල්

November 3, 2024 at 3:39 pm | by emanisa.lk

අසමතුන්ගේ ලැයිස්තුවක් හැදුවොත් එහි මුලින්ම නම ලියැවෙන්නේ රනිල් වික්‍රමසිංහගේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

ලක්ෂ 43ක් ඡන්ද සමග එජාපය භාරගත් රනිල් සහ ඔහුගේ කණ්ඩායම පක්ෂය වළපල්ලට රැගෙන ගිය බවට ද ඔහු චෝදනා කරයි.

රනිල් වික්‍රමසිංහ සාර්ථක නායකයෙක් වූයේ නම් ඔහුටවත් එජාපයටවත් රටටවත් මේ කාලය උදා නොවන බව ද හෙතෙම සඳහන් කරයි.

එහෙයින් වජිර අබේවර්ධනලා දුකට කියන කතා ජනතාව පිළිනොගන්නා බවත් ඊට පිළිතුරු ලබා දීම කාලය නාස්ති කිරීමක් බවත් බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ප්‍රකාශ කරයි.

විපක්ෂයේ භූමිකාව අසාර්ථකව ඇති බවට වජිර අබේවර්ධන සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *