අශෝක රන්වල කවදාවත් මෙහෙම හැසිරුණේ නෑ… අපි උපාධිය ගැන ආයේ අහන්නේ නෑ… එතුමා නැවත කතානායක ධුරයට ගේන්න…! – මුජිබර් රහුමාන්….

September 10, 2026 at 5:19 pm | by emanisa.lk

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

කථානායකවරයාට එරෙහිව පැවැත්වෙන අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අදහස් දක්වන අවස්ථාවේ කතානායකවරයා ඊට අවස්ථාව ලබානොදීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති වූ උණුසුම්කාරි තත්ත්වය හමුවේ මන්ත්‍රීවරයා මේ බව කීය.

“තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයට එන්න පෙර අපි ආවාම අපේ ආණ්ඩුවේ හොරකම් සිද්ධ වෙනවා නම් අපි ඒවා අල්ලනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වා. බලයට ඇවිල්ලත් නීතියට උඩින් කවුරුවත් නැතැයි ජනාධිපතිතුමා කියනවා. කවුරු වැරදි කලත් විමර්ශනය කරන්න ඉඩ දෙන්න ඕන. ඒක පාර්ලිමේන්තුවේ කතා කරන්න කතානායකතුමා ඉඩනොදීම විශාල ප්‍රශ්නයක්.

ඒ වගේම ස්ථාවර නියෝග සම්බන්ධයෙන් අපට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතන කතා කරන් නැතුව කොහේ කතා කරන්නද? මීට කලින් හිටපු කතානායකතුමාල මේ වගේ හැසිරුණේ නැහැ. අපරාදෙ සහතිකේ නැති වුණත් කමක් නෑ, රන්වල ගෙනැල්ලා මේ පුටුවේ අපිට ඉන්දන්න තිබුණා.

දැන් අපි කියන්නේ සහතිකේ ඕනේ නෑ, රන්වල ගෙනැල්ලා මේකේ වාඩි කරවන්න. අපි සහතිකය ගැන අහන්නෙත් නෑ. තියෙන සහතික ටික ඇති. රන්වල ගෙනල්ල මේකෙ වාඩි කරවන්න.”

තමන්ට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක වන පසුබිමක කතානායකවරයා එම ධුරයෙහි රැඳී සිටීම සදාචාරාත්මක නොමැති අතර නීතිමය වශයෙන්ද ප්‍රශ්නයක් ඇති බවයි. යම් ආයතනයක ඉහළ නිලධාරියෙක් ගැන පරීක්ෂණයක් සිදුවන්නේ නම් අනිවාර්යෙන්ම එම නිලධාරියා තාවකාලිකව එම ධුරයෙන් ඉවත් විය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *