බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ අද (22) නියෝග කළේය.
මුදල් රුපියල් 50000 ක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දුන් අතර ඇගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට ඇය වරදකාරිය කර තිබිණි.