අවුරුදු කිහිපයකට උතුරට බලය බෙදලා බලමු…! – වික්ටර් අයිවන්…

July 27, 2023 at 3:52 pm | by emanisa.lk

රට ඉදිරියට යාමට නම් ජාති, ආගම් කුලභේද අමතක කර සියලු දෙනා එක්වී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.

13 වන සංශෝධනය යටතේ බලය බෙදන විට ඉන්දියාව අනුගමනය කළ යුතු බව ද ඉන්දියාව හැම ප්‍රාන්තයකටම එකම විදියකට බලය දී නැතැයි හෙතෙම සඳහන් කරයි.

“ඉන්දියාව සමහර ප්‍රාන්තවලට වැඩිපුර බලය දීල තියෙනවා. සමහර ඒවට දීල තියෙන්නේ ටිකයි. ඒකෙන් තේරෙන්නෙ බලය බෙදීම එකම විදියකට වෙන්න ඕන නැහැ කියන එක.

ඕනනම් අපිට පුළුවන් අවුරුදු කිහිපයකට උතුරට බලය බෙදා දීල කෙහොමද පාලනය වෙන්නෙ කියල බලන්න. හොඳට වැඩ පිළිවෙළ යනවා නම් අපිට පුළුවන් අනිත් අවශ්‍ය අයටත් ඒ විදියට බලය බෙදල දෙන්න. සමහර දේවලදී අපේ පැත්තෙනුත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. අපි මේ දිහා අලුත් විදියටකට බැලිය යුතුයි.

දැනට තියෙන තත්ත්වය පදනම් කරගෙන වඩා අලුත් විදියකට බලන්න ඕන. ඒ බලන අලුත් විදිය රටට යහපත් වුණොත් සුළු ජාතීන්ටත් යහපත් වුණොත් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් අපට ඇඟිලි ගහන්න එන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *