අව්ව කන පිළිමේ අවුකන පිළිමේ වුණා…! – ටිල්වින් සිල්වා…

October 1, 2023 at 12:25 pm | by emanisa.lk

අවුකන බුදු පිළිමය නිර්මාණය කළේ භරණ නම් නිර්මාණ ශිල්පියෙකු බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කලා වැව නිර්මාණය කළ එම නිර්මාණකරුවාගේ බලාපොරොත්තුව එම වැව දෙස බලා සිටින පිළිමයක් නිර්මාණය කිරීම බවයි.

පිළිමයේ නහය අගට වැටෙන වැහි බිංදුවක් පිළිමයේ දෙපතුළ හරි මැදට වැටෙන තරමට එය අවුකන ප්‍රතිමාව අතිවිශිෂ්ට නිර්මාණයක් බව ද හෙතෙම සඳහන් කරයි.

ජනප්‍රවාදය අනුව අව්ව කන පිළිමය අවුකන වී ඇතැයි අදහසක් ඇති බව ද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

අවුකන ප්‍රතිමාව සහ එය නිර්මාණය කළ ශිල්පියා පිළිබඳ රචිත මේ තරම් සියුමැලි ද කළුගල් ගීතය පිළිබඳ විවරණයක් කරමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *