අවස්ථාදීයෙක් නොවී 13 ක්‍රියාත්මක කරනවා…! – සජිත්..

June 9, 2024 at 5:47 pm | by emanisa.lk

තමන් බලයට පැමිණ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (09) කිළිනොච්චිය භාරතී විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සිංහල වුවත් දමිළ වුවත් බර්ගර් වුවත් මුස්ලිම් වුවත් එක මවගේ දරුවන් ලෙස අත්වැල් බැඳ ගෙන රට ගොඩ නැගීමට එකතු වන ලෙස ද විපක්ෂ නායකවරයා එහි දී ඉල්ලා තිබේ.

13 වැනි සංශෝධනය ගැන පැවසීමේ දී විවිධ නායකයින් බියවන බවත් ඔවුන් දේශපාලන අවස්ථාවාදීන් වුවත් තමන් කෙළින් කතා කරන අයකු ලෙස 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනා බවත් එහිදී විපක්ෂ නායකවරයා පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *