අලුතින් බාර් ලයිසන් 200ක් දෙන කතාව බොරු…!

August 14, 2024 at 11:53 am | by emanisa.lk

නව සුරාබදු බලපත්‍ර 200ක් ලබාදීමට යන බවට මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.

මැතිවරණය ඉලක්ක කරගෙන හෝ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව සුරාබදු බලපත්‍ර ලබාදීමට තීරණයක් නොගත් බවත්, 2024 ජනවාරි සිට මේ දක්වා නව සුරාබදු බලපත්‍ර 80ක් පමණ ලබාදී ඇති බවත් ඒ මහතා පැවැසීය.

මේ වන විට මුදල් අච්චු ගැසීම, ණය ගැනීම වැනි දේවල් මගින් රජයට ආදායම් ලබාගත නොහැකි බවත්, එම නිසා රජයේ ආදායම් පියවා ගැනීම සඳහා දේශීය ආදායම්, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව බදු ආදායම් ක්‍රමවත් කිරීමෙන් රජයට ආදායම් උපයා දීමට කටයුතු කරන බවත් එම්.ජේ. ගුණසිරි මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *