ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේම ජනතාව මර්දනය කරන නව පනතක් ගෙන ඒමට රජය සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
“දැන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියා ඊට මුවා වී ඉදිරිපත් කරන්න සූදානම් වන ඒ පනතේ නම මාරු වුණාට විස නැසී නෑ.
එම පනතේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා තිබෙනවා. ජනතාව විසින් කරන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පවා ත්‍රස්ත ක්‍රියා හැටියට හැඳින්වීමට ඉන් පුළුවන්. එම පනත අනුව සිදුවන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ගොවි ජනතාව තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කරන සටන්, ‘ත්‍රස්තවාදය’කියලා ලේබල් කරලා ඒවා මර්දනය කරන්න ආණ්ඩුවට පුළුවන්.
සරලව ආණ්ඩුව ත්‍රස්තවාදී මර්දන පනත අහෝසි කරනවා කියා ඊට මුවා වී නව මර්දන පනතක් ගේන්න සූදානම් කර තිබෙනවා. ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතුයි. නව මර්දනීය පනතක්ද නොගෙන ආ යුතුයි. මේ උත්සාහ කරන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරනවා කියලා ඊට මුවා වී නව පනතක් ගෙන ඒමටයි.”