ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට වීසා නිකුත් කිරීමේ බලය ජාත්‍යන්තර සමාගමක් වෙත පැවරීමත් සමග මෙරට වීසා ගාස්තුව තරඟකාරී රටවල් අතර ඉහළම අගයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.
පසුගියදා VFS Global ආයතනය වෙත කටුනායක ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ අංශයේ කටයුතු පැවරිණි.
ඒ සමග ශ්‍රී ලංකාවේ සංචාරක වීසා ගාස්තුව ඇමරිකානු ඩොලර් 101 දක්වා ඉහළ දමා ඇත්තේ කලාපයේ තරඟකාරී රටවල් වන මාලදිවයින, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල කිසිදු වීසා ගාස්තුවක් අය නොකරන පසුබිමකය.
වියට්නාමය, කාම්බෝජය, ඉන්දියාව, ලාඕසය සහ චීනය ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ පිළිවෙළින් ඩොලර් 25,36,40,40 සහ 90ක් අයකරමිනි.