අලුත් ඩෙංගු මර්දන මෙහෙයුම් සාර්ථකයි! මසක් ඇතුළත රෝගීන් එකොළොස්දහසකින් පහළට!

February 24, 2020 at 12:51 pm | by emanisa.lk

මෙම (2020) ජනවාරි මාසයට සා​පේක්ෂව පෙබරවාරි මාසයේ මේ දක්වා දිවයින පුරා වාර්තාගත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එකොළොස්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවකින් අඩු වී ඇත.

මෙම වසරේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 14258ක් වාර්තා වූ අතර එයින් 2907ක්ම වාර්තා වූයේ පෙබරවාරි මාසයේදීය. ජනවාරි මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 11,351කි.

ඩෙංගු පැතිරීම උත්සන්න වීමත් සමග එය පාලනය කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ගත් ක්‍රියාමාර්ග මෙන්ම මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයද රෝගය පාලන වීමට හේතු වී ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර ‘පැවසීය.

පසුගිය වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 150 කට ආසන්න වූ බව පැවසූ වෛද්‍යවරයා දිවයින පුරා රෝගීන් සංඛ්‍යාව ලක්ෂයකට අධික වූ බවද වැඩිදුරටත් පැවසීය‍.

පසුගිය සමයේ පරිසරය පිරිසිදු කිරීම, නිසි ලෙස කැළිකසළ බැහැර කිරීම ඇතුළු වැඩසටහන් රාශියක් ආණ්ඩුව මෙන්ම රට පුරා තරුණ කණ්ඩායම් ස්වේච්ඡාවෙන්ද කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *