අලුත් කාර් සිහින බොඳ වෙයි.. වාහන බදු 500%ට නගී….!

January 12, 2025 at 2:03 pm | by emanisa.lk

වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

“වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට අමතරව සු‍ඛෝපභෝගී බද්ද පවතිනවා, මේ තුනම එකතු කරලා CIF වටිනාකමත් එකතුකරලා ඒකට උඩින් 18%ක වැට් එකතු වෙනවා. බදු වර්ග 04කින් තමයි වාහනයක බදු ප්‍රමාණය තීරණ වෙන්නේ.

මේ නිසා බදු ප්‍රමාණය 400%ත්, 500%ත් දක්වා වඩිවිය හැකියි. සමහර වාහන සඳහා 600% දක්වා වැඩිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පවතින වාහන වෙළෙඳපොළට වඩා මිල සුළු වශයෙන් ඉහළ යයි. ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. වාහන ලංකාවට එනතුරු ඉන්න.

මේ සමග වැගන් ආර් වර්ගයේ රථයක පැවති රුපියල් ලක්ෂ 16ක පමණ වූ බද්ද නව සංශෝධනයෙන් රුපියල් ලක්ෂ 18 ඉක්මවා යන්න පුළුවන්. ඒ වගේම විට්ස් වර්ගයේ මෝටර් රථයක් ආනයනයේදී පැවති රුපියල් ලක්ෂ 20ක පමණ බද්ද රුපියල් ලක්ෂ විසිහතරහමාර පමණ දක්වා ඉහළ යනවා.

ටොයොටා ඇක්වා, කොරොලා, ඇක්සියෝ වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක බදු, රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *