අලුත් එයාර්බස් එකේ වයිෆරේවත් වැඩ නෑ..,! – නලීන් බණ්ඩාර…..

June 6, 2025 at 11:47 am | by emanisa.lk

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අලුතින් ලබා ගත් එයාර්බස් ගුවන් යානයේ වයිෆරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ අදාළ යානය පිළිගැනීම සඳහා පැවති සාම්ප්‍රදායික ජල සත්කාරය අවස්ථාවේ එය දැකගත හැකි වූ බවයි.

එම යානය මෙයට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වඩා පහළ ශ්‍රේණියේ ගරුඬා සමාගමේ වසර 14ක් භාවිත කළ පැරණි යානයක් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ආණ්ඩුව මෙම යානය රටට ආඩම්බරයක් යැයි පවසමින් ප්‍රදර්ශනය කළ ද එමගින් ශ්‍රීලන්කන් ගුවන් සේවය තව දුරටත් ජනතාවට බරක් කිරීමට යන්නේ දැයි නලීන් බණ්ඩාර ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *