නීති විරෝධී ලෙස මෙරටට රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් ගෙන ආ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට ඉන් ගැලවීමට ආණ්ඩුව සහය දැක්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
“මේ ආණ්ඩුව ආණ්ඩුවේ අයට සලකනවා අනිත් අයට නීතිය ක්‍රියාත්මක කරනවා. ඊයේ පෙරේදා ආණ්ඩුවට සහයෝගය ලබා දෙන අලි සබ්‍රි කියන මන්ත්‍රීවරයා නීති විරෝධී ලෙස යම් රත්තරන් බඩු හා දුරකථන වර්ගයක් ගෙනල්ලා අහු වුණා.
එතුමා ඊයේ පෙරේදා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ආණ්ඩුවට විරුද්ධව දුන්නා. එයා කියනවා ආණ්ඩුව එයාට උදව් කරපු නැති නිසාලු ඡන්දය විපක්ෂයට දුන්නේ කියලා. නැහැ මම කියනවා ආණ්ඩුව එයාට උදවු කරල තියනවා.
දඩය ගෙව්වේ ලක්ෂ හැත්තෑ හතරයි. ගෙනාපු බඩුවල තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ හැත්ත හතරයි. එතකොට රේගු ආඥා පනත අනුව කිසියම් පුද්ගලයෙක් නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙනාවම ඔහුට ගහන දඩය තමයි ඒ භාණ්ඩවල තක්සේරු වටිනාකම වගේ තුන් ගුණයක දඩයක්. ඒ කියන්නේ රුපියල් මිලියන විසි දෙකක්. එයා මේ ආණ්ඩුවේ උදව්වෙන් තමයි ලක්ෂ හැත්තහතරක් ගෙවිලා එළියට ආවේ.”