යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුණ් සිද්ධාර්තන් මහතා එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික්ක නායකත්වයට පත්කර තිබේ.
පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අරුණ් සිද්ධාර්තන් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබිණි.
එහි දී යාපනයේ පාසල් 100ක් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබා දීමට ද ජනාධිපතිවරයා එකඟ වී තිබිණි.