අරිසිමලේ නාහිමියන්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ…! – පොලිසිය….

July 27, 2025 at 12:21 pm | by emanisa.lk

නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සදහන් වන්නේ එම සංඝනායක හිමි නමට ලබා දී තිබූ අරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදු කර නොමැති බවය.

එමෙන්ම උන්වහන්සේට ලබා දී තිබූ අරක්ෂාව පෙර පරිදිම ලබාදීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

එසේම පරිපාලන පහසුව සඳහා කොළඹට අනුයුක්තව සපයන ඇමති ආරක්ෂක ආරක්ෂාව වෙනුවට ප්‍රදේශයේ පොලිස් ස්ථාන ඔස්සේ ආරක්ෂාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව ද එහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *