අරාජිකත්වයට ෆැසිස්ට්වාදයට ඉඩ දෙනු බෑ…! ස්වාධීන පක්ෂ 10ත් හදිසි නීතියට පක්ෂ වෙයි..!

July 27, 2022 at 9:33 am | by emanisa.lk

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම පිළිබඳ අද (27) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයේ දී පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ස්වාධීන පක්ෂ 10 තීන්දු කර තිබේ.

ස්වාධීන පක්ෂ 10 හමුවේ දී විමල් වීරවංශ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ගෙවිඳු කුමාරතුංග ආදීන් අරාජිකත්වය ෆැස්ස්ට් තර්ජන පාලනය කර නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව එහි දී අවධාරණය කර තිබේ.

කෙසේ වුවද අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර ආදීන් හදිසි නීතියට විරුද්ධ විය යුතු බවට කරුණු ප්‍රකාශ කර ඇත.

කෙසේ වුව ද අවසානයේ සියලු දෙනා එකඟ වී ඇත්තේ හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබා දීමටය.

පසුගිය අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයේ දී ආණ්ඩුවට ඡන්ද 134ක් ලැබුණු නිසා හදිසි නීතිය පිළිබඳ ඡන්දය ඉතා ම පහසුවෙන් ජයගත හැකි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *