අර්බුදය විධායක ජනාධිපතිකම නිසයි..! විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනු…! – සජබ…

April 21, 2022 at 1:59 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත භාර දී තිබේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාරදෙනු ලැබීය.

අනතුරුව අද පෙරවරුවේ අදාළ කෙටුම්පත සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කථානායකවරයා වෙත භාරදී තිබේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශ්ව බලය බෙදාහැරීම අදාළ සංශෝධනය, 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *