අර්බුදය ගැන අපිට කියන්න…! අපි ජනතාවට කියන්නම්…! – අගමැතිට ඉල්ලීමක්…

December 5, 2021 at 12:12 pm | by emanisa.lk

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමත් ජනතාවත් දැනුම්වත් කරන ලෙස ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

අගමැතිවරයා සහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අතර අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේ දී ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.

රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුම්වත් කළ යුතු බැවින්, ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයත්, ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමත් දැනුම්වත් කිරීම වැදගත් බව ද ඔවුන් පෙන්වා දී ඇත

මේ අතර, අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයකට ඉඩ නොතබන බව එහි දී සඳහන් කර ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස