අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම රනිල්ගේ යුතුකමක්…! – ඇමති නලින්ද ජයතිස්ස…

February 26, 2025 at 7:45 pm | by emanisa.lk

බැඳුම්කර වංචාවේ චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමේ නීතිමය බාධාවක් ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

තමන්ට මගුල් ගෙදරක යන බව පවසා ගිය සිය මිතුරා නැවත ලංකාවට ගෙන්වා ගැනීම රනිල් වික්‍රමසිංහගේ යුතුකමක් බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව වුව ද නඩු කටයුතු ඉදිරියට රැගෙන යන බවත් ඔහු නැවත ලංකාවට ගෙන්වා ගැනීමට රජය සියලු උත්සාහයන් දරන බවත් ඇමති නලින්ද ජයතිස්ස වැඩි දුරටත් සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යෙව්දියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *