අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ගැටලුවක් තියෙනවා..! – ජනපති….

January 24, 2025 at 10:01 am | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයකු බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේ දී යම් ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.

මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැම වෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගේ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා.

මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැම වෙලාවෙම තමන්ගේ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා.”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සටන වැඩසටහනේදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *