අරගල ත්‍රස්තවාදීන් බස් 55ක් විනාශ කළා…! යුක්තිය ඉල්ලා අපි ජිනීවා යනවා…! – බස් ගැමුණු…

August 26, 2022 at 10:14 am | by emanisa.lk

පසුගිය මැයි 09 වෙනිදා පෞද්ගලික බස් රථ 55ක් අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

එම බස් රථ මුදල් ලබා ගෙන සේවා සැපයූ බස් බවත් ඒවා ගිනි තබා විනාශ කිරීමටත් පහර දී අලාභහානී කිරීමටත් අරගලකරුවන් යැයි කියාගත් ත්‍රස්තවාදීන් කටයුතු කළ බවට ඔහු චෝදනා කරයි.

මේ නිසා බස් රථ හිමියන්ගේ මානව අයිතිවාසිකම් කඩව ඇති බවත් ඊට එරෙහිව ජිනීවා යන බවත් ගැමුණු විජේරත්ත වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *