අරගලේ බිමේ හිටියේ සැබෑ කලාකරුවෝ නෙමෙයි..! ඩයස්පෝරාවෙන් ඩොලර් පඩි ගන්න ඈයෝ…!- ගීතා…

August 12, 2022 at 7:14 pm | by emanisa.lk

ලංකාවේ අය සිංගප්පූරුවේ දියුණුව ගැන උදම් ඇනුව ද ඒ රටවල මෙරට මෙන් අරගල නමින් භීෂණ දියත් කිරීමට ඉඩ නැතැයි ගීතා කුමාරසිංහ පවසයි.

මෙරට අරගලය නමින් දියත් වූයේ භීෂණයක් බව සඳහන් කළ මන්ත්‍රීවරිය, එහි සැබෑ කලාකරුවන්ට ඉඩක් නොලැබුණු බව ද ප්‍රකාශ කළාය.

කලාකරුවන් නමින් එහි සිටියේ ඩයස්පෝරාවෙන් සල්ලි ගත් පිරිසක් බව ද එහි පැමිණි සැබෑ කලාකරුවන් පන්නා දැමූ බව ද ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළාය.

අද (12) පාර්ලිමේන්තුව අමතමින් ගීතා කුමාරසිංහ මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *