අරගලයේ භික්ෂුවට තැනක් තිබුණේ නෑ..! පල්ලිය ඉහළින් ම වැජඹුණා…! රනිල් ආව ම කන්නත් නැති වුණා..! – අරගල නායක කස්සප හිමි…

September 2, 2022 at 11:01 am | by emanisa.lk

රටේ ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් වූ පසු අරගල භූමියට කන්න ටික පවා නොලැබුණු බව අරගලයේ ප්‍රමුඛයෙකු වූ බලංගොඩ කස්සප හිමි පවසයි.

එම අරගලයේ බෞද්ධ භික්ෂුවට හිමි වූයේ අඩු සැලකිල්ලක් බවත් කතෝලික සහ ඉස්ලාම් පූජකවරුන්ට ප්‍රමුඛත්වය හිමි වූ බවත් එහිමියෝ පෙන්වා දෙති.

ආදරේ අරගලය මැයි 09 වන දිනට පසු දේශපාලනීකරණය වූ බවත් එහි බලය පෙරටුගාමී සහ ජවිපෙ විසින් අත්පත් ගෙන විනාශ කළ බවත් කස්සප හිමි හෙළි කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙරපීමෙන් අනතුරුව ගතයුතු පියවර පිළිබඳ කිසිවෙකුට අවබෝධයක් නොතිබූ අවස්ථාවක පෙරටුගාමීන් එය තම අරමුණු උදෙසා පාවිච්චි කළ බවත් උන් වහන්සේ පවසති.

ජනතාව පාරට බැස්සේ ඉන්ධන ඇතුළු අර්බුදය නිසා මිස බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කිරීමට නොවන බවත් නැවත කිසිවෙකු අරගල නාමයෙන් පාරට නොබසිනු ඇති බවත් බලංගොඩ කස්සප හිමි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *