අරගලයට නායකත්වය ලබා දුන් අයට දඬුවම් කළ යුතුයි…! – ප්‍රසන්න රණතුංග…

April 29, 2023 at 2:33 pm | by emanisa.lk

අරගලය සමයේ ඇති වූ සිදුවීම් පිළිබඳ පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් කළ යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ජනාධිපතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් දැනටමත් කර ඇති බවත් ජනාධිපතිවරයා ඒ සඳහා සාධනීය පිළිතුරක් ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් හෙතෙම කීය.

අරගලය පිටුපස හිටියේ කවුද යන්න සෙවිය යුතු බවත් මේ සඳහා මුදල් වියදම් කරමින් සහයෝගය ලබා දුන්නේ කවුද යන්න විමර්ශනය කළ යුතු බවත් ඔහු සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් ලියන ලද පොත්වල සඳහන් කරුණු සත්‍ය යැයි සම්පූර්ණයෙන් ම පිළිගත නොහැකි බව ද ඔහු පැවැසීය.

අරගලය සමයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ත්‍රිවිධ හමුදාව නිහඬව කටයුතු කළේ ඇයි ද යන්න ප්‍රශ්නයක් බවෙත්, ඒවාට නියෝග ලබා දුන්නේ කවුරුන් ද යන්න සෙවිය යුතු බවත් ඔහු සඳහන් කළේ ය.

රටේ ජනතාව කුපිත කරමින් රටේ සියලු කටයුතු අකර්මණ්‍ය කරන ලද මේ සමය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයා බැලිය යුතු බවත් එවැනි තත්ත්වයකට රට පත් කළ පුද්ගලයන්ට දඬුවම් ලබා දීමට පියවර ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස