ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම, රාජ්‍ය ආයතන අල්ලා ගැනීම, නිවාස ගිනි තැබීම, විදේශ සංවිධානවල සහයෙන් රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමට මෙන්ම ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ 1566 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජයට බලය ලබා දී ඇත.
2014 ඔක්තෝබර් මස සම්මත වූ මෙම යෝජනාව අනුව ක්‍රියා කිරීමට නව රජය ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් දී තිබේ. මෙයට පෙර ශ්‍රී ලංකාවේදී මෙම ආරක්‍ෂක මණ්ඩල යෝජනාව අනුව ක්‍රියාකිරීමට බලය ලබා දී නොතිබුණි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබීමට දියත් වූ සැලසුමක තොරුතුරු හෙළිවීම නිසා රජය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල යෝජනාව අනුව කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අයෙකුට ජර්මනියේ සංවිධානයක් මගින් නොකඩවා අරමුදල් ලබාදීම හෙළිවීම නිසා රාජ්‍ය විරෝධී ක්‍රියා මෙහෙයුම් ගැන තොරතුරු වාර්තා වී ඇත.