අයිස් කිලෝ 472 ඇල්ලූ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක්… සැකකරුවන්ට අධිචෝදනා ගොනු කිරීමත් පමා වෙයි…!

September 8, 2026 at 2:37 pm | by emanisa.lk

පසුගිය 31 වෙනිදා කොළඹ වරායේ කන්ටේනරයක තිබී අයිස් මත්ද්‍රව්‍යය කිලෝ 472ක තොගයක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

මෙය මෙරට තුළදී අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 800කට අධිකය.

මෙම වැටළීම් සිදුකළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ද ඊයේ (07) දිනයේ සිට ආරම්භ කර ඇත.
නිලධාරීන් මෙම වැටළීම පිළිබඳ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 01ට නොව මහේස්ත්‍රාත් අධිකරණ අංක 06ට කරුණු වාර්තා කළේ ඇයිද යන්න සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු ලැබී දින 13ක් ගතවන තෙක් එම කන්ටේනර් විවෘත නොකළේ ඇයිද යන කරුණු පිළිබඳව මෙම විමර්ශනවල මූලික අවධානයක් යොමුකර ඇත.

මෙම සිද්ධියට අදාළව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු, පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ද පොලීසිය විසින් ආසන්න දින කිහිපයකදී අත් අඩංගුවට ගනු ලැබිණි.

එහෙත් වැටළීම් සිදුකළ සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදුවන පසුබිමක නෛතික හේතු නිසා අදාළ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නොහැකි බවද වාර්තා වෙයි. මෙම තත්ත්වය අදාළ ජාවාරම්කරුවන්ට ඉතාම වාසිදායක බව දැනගන්නට තිබේ.

මූලාශ්‍ර – LNW

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස