මෙවර අයවැයෙන් රාජ්‍ය නිළධාරීන් නොසලකා හැර ඇති බව දන්වමින් රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙතද එහි පිටපත් යොමු කළ බවයි, සම්මේලනයේ ජාතික සංවිධායක බී. ඒ. පී. බස්නායක සඳහන් කළේ.
රාජ්‍ය අංශයේ සංගණන අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලක මාසික සාමාන්‍ය වියදම රුපියල් 58 දහසක් ලෙස දක්වා තිබුණ ද මාසික වැටුප් ලබන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වැටුප් හෝ දීමනා වැඩිවීමක් අයවැය යෝජනා තුළ අන්තරගත නොවන බව ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ලිපියෙන් ඉල්ලා ඇත්තේ අවම වශයෙන් රුපියල් 16 දහසක දීමනාවක් අපේක්ෂා කරන බවයි.
එසේ නොමැති වුවහොත් පූර්ව දැනුවත් කිරීමකින් තොරව වෘතීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වන බවයි, එහි ජාතික සංවිධායක බී. ඒ. පී. බස්නායක අවධාරණය කළේ.