ජනතාවට සහන රැසක් සලසන යහපත් අයවැයක් මුදල් ඇමැතිතුමා ඉදිරි දින කීපයේදී ඉදිරිපත් කරන බව විශ්වාස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
රජයේ සේවකයන්ගේ වැටුප් ගැටලුවලට ද විසඳුම් ද මෙවර අයවැයෙන් ලැබෙනු ඇතැයි හෙතෙම කීය.
“මේ පාර අයවැය ඉදිරිපත් කරන්නේ රටේ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක. කොවිඩ් නිසා තමන්ගේ රැකියා කටයුතු දෛනික ජීවනෝපාය මාර්ග අහිමි වුණු විශාල පිරිසක් ඉන්නවා.
ඒ ජීවනෝපාය මාර්ග අහිමිවුණු අයගේ ජීවනෝපාය මාර්ග ඉහළ නංවන අයවැයක් මේ සැරේ අයවැය තුළින් මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කරනවා විශ්වාසයි.
අනිත් එක තමයි දැන් රට පුරා බොහෝ අය ගොවි උද්ඝෝෂණ, ගුරු උද්ඝෝෂණ, දේශපාලන උද්ඝෝෂණ කිරීම. මේක ඇත්තටම යළිත් රට පුරා කොවිඩ් රැල්ලක් ඇති කිරීමට පාර කැපීමක්.
තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උද්ඝෝෂණ, අරගල කරන්න ඕනෑ. සෞඛ්‍ය අංශ කොවිඩ් පාලනය කරලා තියෙන වෙලාවක රට පුරා උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කරන්න බැහැ.