සාහිත්‍යශූරී ආචාර්‍ය ගුණදාස අමරසේකරයන්ගේ යුග මෙහෙවර අගයය “අමරසේකර අභිනන්දන උපහාර උළෙල” 2023 නොවැම්නර් මස 17 වැනි සිකුරාදා සවස 2.30 ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ “ලෝටස්” ශාලාවේදී පැවැත්වේ.
සිංහල සාහිත්‍යයේ හා ජාතික මනසේ පෝෂණයට සුවිසල් මෙහෙවරක් ඉටු කරමින් සිටින ගුණදාස අමරසේකරයන් සිය දිවි ගමනේ 94 වැනි විය පසු කරමින් සිටියි.
දේශප්‍රේමී භික්ෂු පෙරමුණ, රුහුණ රට භික්ෂු පෙරමුණ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය සහ චින්තන පර්ෂදය එක්ව සංවිධානය කරන මේ අවස්ථාවට ඔබ සැමට සහභාගී විය හැකිය.