පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වී ඇති සැකකරුවන්ට නඩු පවරා තිබේ.
ඒ අනුව එම ඝාතන සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකරුවන් 42කට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.
ඉකුත් වසරේ මැයි 09 වනදා රට තුළ පැවැති භීෂණ තත්ත්වය මැද මෙම කෘර ඝාතනය සිදුවිය.