අපේ රටේ රාජ්‍ය සේවය ඉතාම කාර්යක්ෂමයි..! පණු කරඳ ගහ විනාඩි පහෙන් ඉස්සුවා..! – ඇමැති

July 18, 2023 at 1:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඉතා ම කාර්යක්ෂම පිරිසක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත් වහා ම එය ක්‍රියාත්මක කොට පණු කරඳ ගස ඉවත් කළ බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

අද (18) පාර්ලිමේන්තුවේ දී බන්දුල ගුණවර්ධන මේ බව කීය.

ඉතා ම කෙටි කාලයක් තුළ දාරළුව පණු කරඳ ගස අතුරුදන් කළේ කෙසේ දැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ විමසූ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *