සිය පියා වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රාණි කිරිඇල්ල පවසයි.
සිය පියා නාම යෝජනා අත්සන් කළ ද අවසාන ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කර ඇති බවයි, ඇය සඳහන් කළේ.
වසර 21ක් තිස්සේ මහනුවර දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් නොතිබුණු පසුබිමක සිය ජයග්‍රහණය ගැන සතුටු වන බවත් දිස්ත්‍රික්කයේ කාන්තාවන් වෙනුවෙන් සේවය කරන බවත් ඇය පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බව ද චමින්ද්‍රාණි ප්‍රකාශ කරයි.