අපේ ගම්මිරිස් අක්කර එකහමාරෙන් ලක්ෂ විසිඑකහමාරක ආදායමක් ගන්නවා..! – ඇමති සමන්ත විද්‍යාරත්න…

April 25, 2026 at 6:36 pm | by emanisa.lk

තම අක්කර එකහමාරක ගම්මිරිස් වගාවෙන් රු. විසිඑක් ලක්ෂ පනස් දහසක වාර්ෂික ආදායමක් උපයන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ නෙත් නිව්ස් නාලිකාවේ වැඩසටහනකදී ප්‍රශ්න කළ අවස්ථාවේය.

එය නොබෙදූ ඉඩම තමන්ට සහ සහෝදරියන් තිදෙනාට අයත් බවද එහි ආදායමද බෙදී යා යුතු බවද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

එම මුදල එකිනෙකා බෙදා නොගෙන සිය මව වෙනුවෙන් මහ ගෙදර හැදූ බවද ඇමතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *