අපේ ආණ්ඩුව යටතේ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේනවා..! – විජිත හේරත්…

October 3, 2024 at 10:06 am | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිට වූ පසු බලය විමධ්‍යගත කිරීම පිළිබඳ කටයුුතු ආරම්භ කරන බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

“පළවෙනි කාරණාව තමයි, පහුගිය දිනවල පැවැත්වුණේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයෙක් පත් කරනු ලැබුවා. ආණ්ඩුව පත් කිරීම සඳහා දැනට පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවලා තියනවා.

ඒ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණාම තමයි, ආණ්ඩුව පිහිටුවිම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිවම ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවගේ ජනමතයෙන් අනුමත කිරීම සඳහා වෙච්ච ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙළක් තියනවා.”

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදීය.

ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සිය ආණ්ඩුවක් යටතේ 2015 ආණ්ඩුව යටතේ යෝජනා කළ ව්‍යවස්ථාව කඩිනමින් සම්මත කරගන්නා බව සඳහන් වෙයි. ඒ ලාල් විජේනායක කමිටුව මගින් යෝජනා කළ ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමයක් යෝජනා කරන ව්‍යවස්ථා කෙටුම්පතයි. කෙසේ වුව ද ජනාධිපතිවරණයට පෙර බෞද්ධ සම්මේලනයේ පැවැති සාකච්ඡාවකට එකතු වෙමින් විජිත හේරත් අවධාරණය කළේ පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා නොදෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *