හම්බන්තොට අසලින් වසරකට නැව් දහස් ගණනක් යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
එම නැව් සඳහා සේවා සැපයුම් මධ්‍යස්ථානයක් බවට හම්බන්තොට වරාය පත් කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.
කොළඹ වරාය ආසියාවේ ලොකු ම භාණ්ඩ හුවමාරු වරාය බවට පත් කළ යුතු බව ද අනුර දිසානායක සඳහන් කරයි.
පසුගිය ආණ්ඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ කච්චේරි තුළ රැකියා උත්පාදනය කළ ද ජාතික ජන බලවේග ආණ්ඩුවක් රටේ කර්මාන්ත ආර්ථිකයක් ගොඩනඟා රැකියා උත්පාදනය කරන බව ද ඔහු අවධාරණය කළේය.
ජාතික ජන බලවේග තිස්සමහාරාම ජනහමුවට (03) එකතු වෙමින් හෙතෙම මේ බව කීය.