අඩු ආදායම්ලාභී කාන්තාවකගේ සීගිරියේ පිහිටි ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිඳගේ නමට සිදු කර ඇති පැවරීම අවලංගු කරන බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය පවසයි.
අදාල ඉඩම හිමි කාන්තාවගේ සැමියා පවසන්නේ මිය යනතෙක් තමන් හා බිරිඳ රැකබලා ගන්නා බවට සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මෙම ඉඩම් පැවරීම සිදු කළ බව ය.
දඹුල්ල – සීගිරියල මයිලැත්තෑව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉඩමට ඓතිහාසික සීගිරිගල මනාව දර්ශනය වනවා පර්චස් 90 ක් පමණ වන මෙම ඉඩම හා නිවස ව්‍යාජ ලේඛන සකසා පවරා ගැනීමට කටයුතු කර ඇති බවට හෙළිවීමත් සමග අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාගේ වැඩ තහනම් කෙරුණේ ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව මතයි
මෙම ඉඩම රජයෙන් හිමිව තිබෙන්නේ ඇතුල්පේලිගේ පද්මිණී යන කාන්තාවට වන අතර ඇය හා ඇගේ සැමියා අදාළ ඉඩමේ හා නිවසේ පදිංචිව සිටියි.
රෝගී තත්වය හේතුවෙන් එක්තැන් වී සිටින මෙම කාන්තාවට ප්‍රතිකාර කිරීමට පසුගිය කාලයේ පුද්ගලයෙකු ඉදිරිපත් වී සිට ඇත. ඒ ඊට යාබදව පිහිටි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඉඩම බලා ගන්නා පුද්ගලයාය.