අපි IMF යැව්වේ ලංකාවේ සුපිරිම ටීම් එක… IMF එකේ ඉන්න ගමන් පඩිත් වැඩි කළා.. රාජ්‍ය ආයතන එකක්වත් විකුණුවේ නෑ… මේවා දැකලා ලෝක නායකයොත් පුදුම වෙනවා…! – බිමල් රත්නායක…

November 21, 2026 at 12:39 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන අතර රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින්, සුබසාධන පහසුකම් පුළුල් කරමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

IMF සමඟ සාකච්ඡා පැවැත්වීමේදී වත්මන් ආණ්ඩුවේ ආර්ථික කණ්ඩායමට එම කටයුතු කළ නොහැකි බවත්, හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු කණ්ඩායම ප්‍රමාණවත් නොවන බවත් විපක්ෂයේ පාර්ශ්ව ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය. එහෙත් අවසානයේ IMF ඉතිහාසයේ වෘත්තීයමය හා ගෞරවනීය මට්ටමින් එකඟතාවකට පැමිණීමට තම ආණ්ඩුව සමත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

”ප්‍රොෆෙෂනල් විදිහට ජෙන්ට්ල්මන් ලෙවල් එකෙන් IMF ඇග්‍රිමන්ට් එක අවසන් කරන පළවෙනි ආණ්ඩුව අපි. මේගොල්ලෝ IMF එක මෙහේ ආවම එකක් කියලා එහේ ගිහිල්ලා දණ ගහනවා. අපි එහෙම නෑ. අපි සුපර් ටීම් එකක් යැව්වා. ඒක IMF එකත් කිව්වා.

අපි IMF වැඩසටහනේ ඉන්නවා පඩි වැඩි කර කර. විදේශ රටවල වාමාංශික නායකයෝ හම්බුණාම අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මේකයි. ඔයගොල්ලෝ කොහොමද IMF එකත් එක්ක ඉන්නේ පඩි වැඩි කර කර? ඔයගොල්ලෝ ආයතන කීයක් වික්කද? අපි එකක්වත් විකුණලා නෑ”

අමාත්‍ය බිමල් රත්නායක මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අදහස් දක්වමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *