මෙවර අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු තෝරා ඇත්තේ ඉතා ම කුමන්ත්‍රණකාරී ලෙස බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
මෙවර අන්තරේ කැඳවුම්කරු තෝරා පත් කර ගැනීමට පැවැති නිලවරණය පැවැත්වෙන ස්ථානය පවා කුමන්ත්‍රණකාරී ලෙස අවසන් මොහොතේ වෙනස් කොට ඇති බවත් ඒ සඳහා රටේ බොහෝ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් සහභාගී වී නොමැති බවත් බිමල් රත්නායක අවධාරණය කරයි.
රටේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කටයුතු කරන ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදීව සහ විනිවිදභාවයකින් යුතුව තෝරාපත් කළ යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ වන විට ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කොට ජනතාව අතර අප්‍රසාදයට පත්කොට ආණ්ඩුවට එය මර්දනය කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කරන බවට ද බිමල් රත්නායක චෝදනා කළේය. එම පිරිස අවසානයේ රනිල්ගේ අවශ්‍යතාව ඉටු කරමින් ඇතැයි ද ඔහු චෝදනා කළේය.