88-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ අතින් මරුමුවට පත්වූයේ ගම්වල සිටි හොරු ස්ත්රී දූෂකයින් සහ මංකොල්ලකාරයින් බව ජාතික ජන බලවේගයේ නලින් හේවගේ පවසයි.
ඔහු එහි දී සඳහන් කළේ, පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වීරසිංහ මන්ත්රීවරයාගේ පියා ද එවැනි පුද්ගලයෙකු දැයි තමන් නොදන්නා බවයි.
ජනතා විමුක්ති පෙරමුණ මගින් 88-89 කාලයේ සිය පියා ඝාතනය කළ බවට ඩී. වීරසිංහ සිදුකළ චෝදනාවට පිළිතුරු ලබා දෙමින් නලින් හේවගේ මේ බව කීවේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.