අපි හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා හාල් ගෙන්නුවා තමයි… ඉතින් මොකක්ද ප්‍රශ්නේ රොෂාන්…! – ඇමති වසන්ත සමරසිංහ…

September 24, 2026 at 11:48 am | by emanisa.lk

ප්‍රවාහන වියදම් ඉහළ යෑම රක්ෂණ වාරික ඉහළ යෑම සමග වෙළඳපොළේ අල කිලෝවක මිලද ඉහළ ගොස් ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ආණ්ඩුව අල සහ ලූනු ගෝවීන්ගේ නිෂ්පාදන වියදම පහත හෙළීමට සහනාධාර ලබා දෙන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

පිට රටින් අල ලූනු ගෙන්වීමේ සහ ඉන් අති විශාල වශයෙන් කොමිස් ගැසීමේ මාෆියාවක් ඇතැයි තමන් විපක්ෂයේ සිටියදී ප්‍රකාශ නොකළ බවද වසනත් සමරසිංහ ප්‍රකාශ කරයි.

ලබව වසරේ පිට රටින් සහල් ඇටයක්වත් ගෙන්වන්නේ නැතැයි ප්‍රකාශ නොකළේ දැයි මාධ්වේදී රොෂාන් වටවල විමසූ විට ඔහු කියා සිටියේ එසේ කී බවත් සහල් ගෙන්වූ බවත් ප්‍රශ්නය කුමක්ද කියාය. එහිදී රොෂාන් වටවල කියා සිටියේ කිසිදු ප්‍රශ්නයක් නැති බවත් කී දේ කළේ නැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *