අපි වෛරයෙන් වෛරය පිළිසිඳෙන්නේ නෑ කියලා විශ්වාස කරන හොඳ බෞද්ධයෝ…! – නාලක ගොඩහේවා….

July 28, 2022 at 8:21 pm | by emanisa.lk

හදිසි නීති විවාදයේ දී ආණ්ඩු පක්ෂ නියෝජිතයින් කතා කළේ අරගලය මර්දනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

තමා මැයි 09 වන දා බිහිසුණු ප්‍රචණ්ඩත්වයේ වින්දිතයෙක් වුව ද ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අයකු ලෙස හදිසි නීතියට එරෙහි වූ බවයි, ගොඩහේවා පවසන්නේ.

මානව හිමිකම්වලට ගරු කරන ජනතා නියෝජිතයකු වන තමන් වෛරයෙන් වෛරය පිළිසිඳෙන්නේ නෑ කියා විශ්වාස කරන හොඳ බෞද්ධයකු වන බව ද ඔහු ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *