වර්තමාන ආණ්ඩුව රටේ සම්පත් කුණු කොල්ලයට පිට රටවලට විකුණමින් ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
එජාප නියෝජ්‍ය නායකයා පවසන්නේ, මෙම ආණ්ඩුව බලයට පත්වූයේ යහපාලනාණ්ඩුව රට විකුණං කන බවට බොරු චෝදනා නඟමින් බව ය.
කිසි ම අත්දැකීමක් පළපුරුද්දක් නොමැති මෙම කණ්ඩායම රටේ සමපත් ඉන්දියාවට සහ ඇමරිකාවට විකුණා දැමීම නිසා ජාතික ආරක්ෂාව ද අනතුරට ලක්ව ඇතැයි ඔහු අවධාරණය කරයි.