මෙවර තමන් ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් වරප්රසාද අඩු පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර පවසයි.
තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් උදේට නොකෑ බවත් දවල්ට නම් ඇතැම් අවස්ථාවල කෑ බවත් හෙතෙම සඳහන් කරයි.
එහෙත් දැන් මාලිමාවේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවෙන් උදේට මෙන් ම දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන්න තත්ත්වයට පත්ව ඇතැයි ද දයාසිරි ජයසේකර අනාවරණය කරයි.
මෙම තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්රීවරුන් 39ක් පත් වූ අවස්ථාවේ ද තමන් දුටු බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කරයි.